Tuesday, December 9, 2014

රස මිහිරි කාමය


Tuesday, December 2, 2014

කොහොමද අපි සීල සංවරයට ඇති කරගන්නේ ??




”පින්වත් මහණෙනි, සිල්වත්ව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂාපදවලින් යුතුව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂා පද සංවරයෙන් සංවර වන්න. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වන්න. ඉතා
ම කුඩා වරදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ හික්මෙන්න.”

සරු කුඹුරුවලට වී වපුරනවා වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පැවිදි ශ‍්‍රාවකයන් වහන්සේලා අමතා ධර්මය දේශනා කරන බව දැන් අපි දන්නව. දෙවි මිනිසුන්ට සර්ව සාධාරණ මේ ධර්මය භික්ෂු භික්ෂුණී උපාසක උපාසික යන සතර ශ‍්‍රාවකයන්ට ම අදාළ බවත් අපි දන්නව. අන්න එ් නිසා පංච සීලය තුළ හික්මෙන උපාසක උපාසිකා පිරිසත් එ් අවවාදය හොඳින් දරා ගන්න  ඕනැ.

”නිවන් මඟට මුල් වන ශික්ෂා පද සංවරයෙන් සංවර වන්න” කියන උතුම් අවවාදයයි අපි පිළිගන්න  ඕනැ. කොහොමද අපි සිල් පද තුළ සංවර වන්නේ? සීලය ගැන කතා කරනකොට ”සංවර වීම” නැත්නම් හික්මීම යනු එ් සිල්පද අනුව කායික වාචසික ක‍්‍රියා පැවැත්වීම යි. තථාගතයන් වහන්සේගේ ධර්මය අදහා වාසය කරන කෙනා මේ සංවර වීම සිද්ධ කරන්නෙ ඉතා ගෞරවයෙන්. ඔහුට තියෙනව ධර්මය තුළ උපන් ගෞරවයක්. එ්ක කෘත‍්‍රිමව උපදවා ගත්ත, යම් ආයාසයකින් පවත්වන සංවරයක් නෙවෙයි. සීල ගෞරවය කියන්නෙ හදපිරි ශ‍්‍රද්ධාවෙන් ම උපදින කායික වාචසික සංවර භාවයක්. අන්න එ් සංවර භාවය සඳහා උපකාරක ධර්මයන් පහක් ගැන අපි ඉගෙන ගනිමු.
ශ‍්‍රද්ධාව කියන්නෙ සීල සංවරයට උපකාරක ධර්මයක්. පවු කිරීමට ලැජ්ජාව, පවු කිරීමට භය, අකුසල් ප‍්‍රහාණය කරන්නටත් කුසල් උපදවා ගන්නටත් වීරිය, එ් වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය
නුවණින් විමසීමෙන්, ඇති කර ගන්නා ප‍්‍රඥව යන මේවා සිල් රැුකීම පිණිස උපකාර වන ධර්මයන් බව අපි දැනගන්න  ඕනැ. අන්න එ් ධර්මයන් නැතිව සමාදන් වූ සිල් පද තුළ සංවර වීමට අපට හැකි වන්නේ නැහැ.

අපි දන්නව අපේ එක් දිනයක පැය විසි හතරක කාලය ගත වන හැටි. උදේ ඉඳන් රාත‍්‍රී වන තුරු එක් දවසක එක එක ආකාරයේ සිද්ධි මාලාවකට යටවෙලයි වාසය කරන්නෙ. අන්න එ් ජීවිතයේ අපට උපතින් ම මේ ධර්මය තුළින් බිහි වූ සිහියක් නෑ නෙ.  ඕනෑම සාමාන්‍ය කෙනෙක්ට උපතින් තමාට ලැබුණු සිහියක් තිබුණත්, එ්කෙන් එ් එ් කටයුත්තේදි ධර්ම මනසිකාරයක් කරන්න බලයක් නැහැ. අපි තමාට උපතින් ලද සිහිය උපකාර කර ගන්නේවත් නැතිව තමාට ඇති වූ පුරුද්ද උපකාරයෙන් එදිනෙදා කටයුතු කොච්චර නම් කරනව ද? සිහියක් නැතිව පුරුද්දට රස්සාවෙ වැඩත් කරන්න පුළුවන්, ගෙදර වැඩත් කරන්න පුළුවන්. ඉතින් බලන්න අපි සමාදන් වූ සිල් පද ආරක්ෂා කර ගන්න මේ රටාව අනතුරක් නේ ද? 
බලන්න, සමහර අය තමන්ගේ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා ? දෙකේ ම මහන්සි වෙනවා. එ්  දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුණු පලන්දලා ඉන්නේ. ඉතින් එ් දරුවන් වෙනුවෙන් ම කටයුතු කිරීම තමයි එයාලට තියෙන්නේ.
එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ගැන පැය විසිහතරේ ම කල්පනා කර කර ඉන්නවා. එ් වෙනුවෙන් ම කැපවෙනවා. ඇතැම් විට අඹුදරුවන් අත්හැර විදේශගත වෙනවා. නො විඳිනා දුක් විඳිනවා. අන්තිමේ දී දරුවන් තමන්ට වෙනස්කම් කරනවා. මහා දුකකින්, මහන්සියකින් හම්බකරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. තමන්ට සිදුවෙන්නේ ගෙවුනු අතීතය ගැන හූල්ල හූල්ල ඉන්න විතරයි.

මේ ආකාරයට උපතින් ලද සිහියෙන් හා පුරුද්දට අනුව අපි එ් කටයුතු සිද්ධ කරන්නෙ කුසල් ද අකුසල් ද යහපත ද අයහපත ද කියන වැටහීම ඇතිව ද? නැහැ. අන්න එ් වැටහීම ඇති වෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල තිබුණොත් නේ ද? ධර්මයේ සඳහන් වෙනව දස කුසලය පිළිබඳව, එ් වගේ ම දස අකුසලය පිළිබඳව.
මේ විදිහට කුසලය මෙයයි අකුසලය මෙයයි කියල පෙන්වා දෙනව. අන්න එ් ධර්මයයි අහල අපේ හිතේ ගෞරවයෙන් දරාගන්න  ඕනැ. ධර්මය අහල දරා ගන්නෙ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරේ ශ‍්‍රද්ධාව ඇති කෙනා යි. එසේ දරාගත් ධර්මය පුරුදු කරන්න කැමැත්තක් උපදින්නෙත් ශ‍්‍රද්ධාව මුල් වෙලා යි. අන්න එයාට පවට ලැජ්ජාව උපදිනව, පවට බය උපදිනව, වීරිය උපදිනව, ප‍්‍රඥව උපදිනව. එ් ධර්මයන් තමා තුළ ඇති වීම නිසා සිල් පද තුළ සංවර භාවයට පත් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ ඊ ළඟට අපට කියා දෙනව ”යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වන්න.” කියල. ආචාර ගෝචර සම්පන්න වෙන්න කියල. මොනවද මේ යහපත් ඇවතුම් පැවතුම් කියන්නෙ? යහපත් කායික වාචසික
හැසිරීම්වලටයි. ලෝකයේත් මෙහෙම රටාවක් තිබෙනව නේ ද? මේ මේ ස්ථානයේ දී මේ මේ විදිහට ආචාර සම්පන්න වෙන්න කියල අපට පෙන්වා දීල තියෙනව. පාසලේ දී, පන්සලේ දී, කාර්යාලයේ දී, නිවසේ දී, පාරෙ තොටේ දී, කඩපිලේ දී... ආදි එ් එ් ස්ථානයේ අපේ හැසිරීම් වෙනස් නේ ද? කතාබහත් වෙනස් නේ ද? එ් වගේ ම දෙමාපියන් ඉදිරියේ දී, යහළුවන් සමග, සහෝදර සහෝදරියන් ඉදිරියේ දී, බිරිඳ ස්වාමියා... ආදි එ් එ් පිරිස් ඉදිරියේ දී අපේ එ් එ් හැසිරීමත් වෙනස් නේ ද? කතාබහත් වෙනස් නේ ද? අපට සමාජයෙන් පුරුදු කළ රටාවක් තියෙනව එ් එ් තැන දී මේ මේ විදිහට හැසිරෙන්න  ඕනැ කියල. එ්ක අපට හුරු කළ එකක්, සමාජය දිහා බලල පුරුදු වුණ එකක්. ඔන්න ඔය රටාව තරුණ පරපුරට නැහැ කියල චෝදනාවකුත් තියෙනව නේ ද?
නමුත් ධර්මය තුළ ආචාරගෝචර සම්පන්න භාවය කියන්නෙ නීතියක් නෙවෙයි. ‘මේ මේ තැන මේ මේ විදිහට හැසිරිය යුතුයි’ කියන නියෝගයක් මේ ධර්මයේ නැහැ. ර්මයේ කියා දෙන්නෙ මේ මේ සිල් පදයේ හික්මෙන්න කියල යි. අන්න එ් හික්මීම සිත වැඩෙන පිළිවෙළක්, සීල සංවරය උපද්දවන ධර්මයක්, ක‍්‍රියාවේත් - වචනයේත් සිත සන්සිඳුවන එකක්, එ් වගේ ම අන් අයට මෙත් සහගත උපකාරයක් උපද්දවල දෙන දෙයක්.